සේරා උකු පොල්කිරි යොදා අල හොදි

  • Prep Time
    10
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
41312

Ingredients

උකුවට රසට අල හොදි

Directions

සාදන ක්‍රමය:

Step1

අර්තාපල් ටික හොඳට සෝදලා සුද්ද කරලා අරගෙන කුට්ටි වලට කපා ගන්න. අල ටික පොඩි වෙන මට්ටමට එනකන් හොඳට තම්බා ගන්න.මේ අල ටික කපන්නේ නැතුව ගෙඩිය පිටින් තම්බලා පස්සේ පොතු ඇර ගන්නත් පුළුවන්. හැබැයි අල ටික පොඩි කෑලි වලට කපා ගත්තහම ඉක්මනට තැම්බෙනවා.

Step2

අල ටික තම්බා ගන්න වෙලාවේදී කහ කුඩු පොඩ්ඩක් ඔයාලා කැමති නම් එකතු කර ගන්න. එතකොට අල ටිකට වැඩිපුර කහ පාටක් එනවා. තම්බා ගත්ත අල ටික වතුර පෙරලා පැත්තකින් තියා ගන්න.

Step3

කපා ගත්ත ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, කුරුදු පොතු, තලා ගත්ත අබ, පොල් කිරි, උළු හාල්, කහ කුඩු හා තුන පහ කුඩු ටික ඇතිලියකට දා ගන්න. මේ අල හොදි එක හොඳට රස වෙන්න උකු පොල් කිරි අර ගන්න. තම්බා ගත්ත අල ටිකත් දා ගන්න.

Step4

තම්බා ගත්ත අල කෑලි දෙක තුනක් පොල් කිරි ටිකක් එක්ක හොඳට පොඩි කරලා අල හොදි එකටම දා ගන්න. මේ විදිහට කලහම අල ටික හොඳට උකු වෙනවා. එහෙම නැත්නම් ඔයාලාට පුළුවන් බ්ලෙන්ඩර් කර ගත්ත කැකුළු හාල් මිටක් මේකට එකතු කර ගන්න. ඒ විදිහටත් මේ හොඳි එක උකු කර ගන්න පුළුවන්.

Step5

දැන් අල හොඳි එක ලිපේ තියලා උයන්න පටන් ගන්න. හොදි ටික හොඳට රත් වෙලා වටෙන් බුබුළු දාගෙන එන වෙලාවේ ඉදන් දිගටම මේ අල හොඳි එක හැඳි ගාන්න. නැත්නම් කිරි ටික කැටි ගැහෙනවා. අල හොඳි එක හොඳටම ඉදුනාට පස්සේ ලිපෙන් අයින් කරලා ටිකක් වෙලා නිමෙන්න තියන්න.

Step6

හොඳි එක ටිකක් නිමුනාට පස්සේ දෙහි ඇඹුල් ටිකක් දාලා කලවම් කරන්න. මේ අල හොඳි එක පාන්, බත්, පිට්ටු, ඉදි ආප්ප වගේ ඕනෙම දෙයක් එක්ක රසට කන්න පුළුවන්. මේ අල හොඳි දැවිල්ල නැති හින්දා පොඩි අයට උනත් හරිම හොඳයි.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 11 )
  • Thilakshi Fernando

    සේර නිෂ්පාදන මඟින් කෑමේ රසය වැඩි කරමින්, එය වඩාත් ආකර්ෂණීය කරනවා..

  • Diwanka Deshan

    සේරා උකු පොල්කිරි use karanna…eka hodatama hodai

  • Thilini

    Absolutely divine

  • Umayangana

    ඉතිං රස සුපිරී තමයි

  • Nilani

    මේ වෙබ්සයිට් එකේ තියෙන රෙසිපි හරිම සෞඛ්‍ය සම්පන්නයි.

  • Kumari Kumudu

    අගය කරනවා මෙහෙම රෙසිපි හොයලා දෙන හැමෝමව

  • Dilrukshi

    මිනිස්සුන්ගේ කුස පුරවන එක තරම් උතුම් පිනක් 😍

  • Chandani

    රසවත් කෑම

  • Chamodi Akashya

    💜wow 🤍

  • Dushani

    Hoda rasak awa

  • Umesha

    අල හොද්දක් නම් සේරා උකු පොල් කිරි තමා.නැවුම් රස දෙන්නේ

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »