Banana Cake with Munchee Milk Short Cake Biscuit

  • Prep Time
    N/A
  • Cook Time
    1 hour and 30 minutes
  • Serving
    8
Like
Like Smile Yummy Wow Love Unlike
3

Ingredients

මංචි මිල්ක් ශෝට් කේක් කුකීස්, බනානා කේක්

Directions

Step1

කාමර උෂ්ණත්වයේ ඇති බටර් සහ සීනි එකට සාමාන්‍ය වේගයෙන් විනාඩි 2ක් 3ක් ක්‍රීම් එකක් වනතුරු බීට් කරගන්න.

Step2

කෙසෙල් ගෙඩි 3 වෙනම භාජනයකට හොඳින් පොඩි කරගන්න.

Step3

පොඩි කරගත් කෙසෙල්, ලොකු බිත්තර 2, බටර් ක්‍රීම් එකට දමා නැවතත් විනාඩි 2ක් පමණ බීට් කරගන්න.

Step4

කුඩු කරගත් මංචි මිල්ක් ශෝට් කේක් කුකීස් කෝප්ප 1 1/2ට බේකින් පවුඩර් ටික හොඳින් එකතු කර එයත් කේක් මිශ්‍රණයට එකතු කර තවත් විනාඩියක් බීට් කරගන්න.

Step5

වැනිලා ටිකත් එකතු කරගන්න.

Step6

වියළි මිදි හා කපාගත් ආමන්ඩ් ඇට ටිකත් මිශ්‍රණයට එකතු කර මිශ්‍ර වනතුරු හැන්දකින් පෙරලන්න.

Step7

බේකින් තැටියක් ගෙන එයට බටර් ටිකක් ගාගන්න.

Step8

බටර් ගාගත් බේකින් තැටිය මතට පිටි ටිකක් ඉහගන්න, බේකින් කොළයක් දමා ගන්න.

Step9

එයට මිශ්‍රණය දමා සෙල්සියස් 180ට විනාඩි 50 හෝ පැයක් පමණ කලින් රත්කළ අවන් එකක බේක් කරගන්න.

Step10

බේක් වූ කේක් එක අවන් එකෙන් එලියට ගෙන තැටිය තුලම විනාඩි 10 පමණ නිවෙන්නට හැර ප්‍රවේසමෙන් තැටියෙන් ඉවත්කර නිවෙන්නට හැර රසවිඳින්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 1 )
  • Kristina

    හදද්දී මේ තරම් රහයි කියලා නම් හිතුවේ නෑ…

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »